ජවිපෙ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක

වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන් දින රටේ උපාධිධාරීන්ගේ රැකියා අයිතිය සුරක්ෂා කර රැකියා අයිතිය ලබාදෙනවා වෙනුවට එය උල්ලංඝනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ දී දකුණු පළාත් උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව සම්බන්ධයෙන් අද (08) පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

දකුණු පළාතේ ගුරු පුරප්පාඩු සදහා 2023 වසරේ විභාග පවත්වා ඉන් 704ක් සමත් වුවත් මේ අයට පත්වීම් ලිපි ලබාදීමට
දින තීන්දු කර තිබිය දී අධිකරණයේ පවතින නීතිමය තත්ත්වයක් කියමින් කැබිනට් තීන්දුවක් ගෙන මෙම පත්වීම් ලබාදීම අත්හිටුවා ඇති බවවයි ඔහු පවසන්නේ.

2025 ජුනි 30 පුරප්පාඩු 2,193ක් පැවතීම නිසා මෙම විභාගය සමත් 704ට රැකියා ලබාදීම රජයේ යුතුකම බවත් එය ප්‍රමාද කරමින් ඔවුන්ට අසාධාරණයක් සිදුකරන්නේ කුමක් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

ඒ අනුව මොවුන්ට නොපමාව යුතුකම් ඉටු කරන ලෙස ඉල්ලා සිටින විපක්ෂ නායකවරයා, තාවකාලිකව පත්වීම්දීම අත්හිටුවීම දැන් ස්ථිර ලෙස අත්හිටුවීමට රජය කටයුතු කිරීම නිසා මෙම තරුණයන්ගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51
Video thumbnail
කොළඹ - නුවර ප්‍රධාන පාරේ බිහිසුණු අනතුරක්
00:39
Video thumbnail
තරුණයින්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
02:04