අනුරපුර රෝහලේ වෛද්‍යවරියට හදිකළ සැකකරු නිවසකට පැනලා අශෝභන ලෙස හැසිරිලා

ගල්නෑව නගරයේ පිහිටි නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයෙක් ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු පසුගිය 2025 වසරේ මාර්තු මස 10 වන දින රාත්‍රි කාලයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ නිල නිවාසයට ඇතුළු වී ඇයට බරපතළ ලිංගික අපරාධ සිදුකිරීමට සම්බන්ධ සැකකරු බවටයි හඳුනාගෙන ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා ගල්නෑව නගරයේ පිහිටි නිවසක නාන කාමරයේ තිබූ කවුළුවකින් නිවස තුළට ඇතුළු වී නිවස තුළ අශෝභන ලෙස හැසිරෙමින් සිට ඇති බවට සීසීටීවී දර්ශනවලින් නිරීක්ෂණය වූ බවයි.

ටික වේලාවක් එලෙස නිවස තුළ රැඳී සිට ඇති ඔහු නිවසේ ඉදිරිපස දොර විවෘත කර පිටව ගොස් ඇති බවට නිරීක්ෂණය වූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ගල්නෑව ප්‍රදේශයේම පදිංචි මධුරංග රත්නායක නොහොත් “බංටි” නැමැති මෙම සැකකරු 35 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකරු අද (07) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්නෑව පොලීසිය විසින් සිදු කරනු ලබනවා.