යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් ලක්ෂ 12ක නීතී විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත (06) වන දින පුත්තලම සුරා බදු ඒකකයේ නිලධාරීන් සමඟ සිදුකල ඒකාබද්ධ වැටලීමකදී ලක්ෂ 12ක නීතිවිරෝධි දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම නීතිවිරෝධි දුම්වැටි තොගය, නොරොච්චෝල ප්රදේශයේ සිට පුත්තලම ප්රදේශය දක්වා ගෙනැවිත් අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබු බවටත් වාර්තාවෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.










