රුපියල් මිලියන 792ක් වටිනා සිගරට් කන්ටේනරයක් රේගුව අත්අඩංගුවට ගනී

ශ්‍රී ලංකා රේගුව මුලාකරමින් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 792ක් වටිනා විදේශිය සිගරට් කන්ටේනරයක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට කඩදාසි , ඇතුළු ෆොටෝ කොපි කඩදාසි වශයෙන් ලියකියවිලි ඉදිරිපත් කරමින් මෙම වංචාව සිදු කිරීමට උත්සාහ දරා තිබුතා.

කන්ටේනරය තුළ තිබී විදේශිය සිගරට් කාටුන් හාරසිය පනස් හතක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය මගින් සිදුකළ වැටලීමකදී මෙම සිගරට් තොගය සොයාගැනීමට හැකිවුණා.

මෙම විදේශිය සිගරට් තොගය, කඳාන ප්‍රදේශයේ ව්‍යාජ ලියකිවිලි සහිත සමාගමක් වෙත ආනයනය කිරීමටයි සැකකරුවන් උත්සාහ දරා තිබුණු බවට වාර්තාවෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට පත්වු බවටත් වැඩිදුරටත් සඳහන් වෙනවා.