අද පස්වරුවේ දිවයින පුරා වැසි සහිත තත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, සහ දකුණු පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමකෙ තද වර්ෂාවක් පතිත විය හැකි බවට එම නිවේදනයේ සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබෙනවා.

ඒ අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවටත් ඔවුන් සඳහන් කරනවා.