පොල්ගහවෙල ප්රදේශයේදී දුම්රියක් මතට ගසක් කඩාවැටීමේ හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුවී තිබෙනවා.
පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම අනතුර අද සවස 7.00ට පමණ සිදුවී තිබෙනවා.
කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියට පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත ළඟාවෙමින් තිබියදී මාර්ගය ආසන්නයේ තිබු ගසක් මෙලෙස කඩා වැටී අනතුර සිදුවී තිබුණා.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 05.10ට ගමන් ආරම්භ කර තිබු බවට වාර්තාවෙනවා.
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇති බවද නිවේදනය කර තිබෙනවා.
