DCSL සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන අරක්කු බෝතලය සඳහා අය කරනු ලබන ඩිපොසිට් ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ, අනුව කාල බෝතලයක් සඳහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 10කින් මිල ඉහළ දමා ඇති අතර, එහි නව ගාස්තුව මේ වනවිට රුපියල් 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම භාග බෝතලයත් සඳහා අය කරනු ලබන ඩිපොසිට් ගාස්තුව රුපියල් 70ක් දක්වා රුපියල් 20කින් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
මීට අමතරව මෙතෙක් බෝතලයක් සඳහා අයකරනු ලැබූ රුපියල් 70ක ගාස්තුව රුපියල් 100 දක්වා වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම ඩිපොසිට් ගාස්තුව ඉහළ දැමීම ඊයේ (01) දිනයේ සිට ක්රියාත්මක බවයි DCSL සමාගම සඳහන් කළේ.
මෙම ඩිපොසිට් ගාස්තුව ඉහළ දැමීමත් සමඟ මත්පැන් අලෙවිසැලකින් මිලදී ගන්නා DCSL අරක්කු කාල, භාග සහ බෝතලක් සඳහා ගෙවිය යුතු මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.
