කහටගස්දිගිලිය, කායන්ගොල්ලෑව වැවට යාබඳ කැලෑබද පෙදෙසක තිබී හමුවූ මිය ගොස් සිටි ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ, අනුව ඇතාගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කහටගස්දිගිලිය පොලිසිය, හමුදා බුද්ධි අංශය, සහ වනජීවි නිලධාරීන් එක්ව විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ මෙම ඇතා මීට දින හතකට හෝ අටකට පෙර මෙම ඇතාගේ මරණය සිදුව ඇති බවයි.
දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මිය ගිය ඇතා වයස අවුරුදු 20ත් 25ත් අතර උස අඩි 07ක් පමණ වන සත්වයෙක් බවයි.
ඇතා මියගිය පසු ඇතාගේ වම් දළය කිසිවෙකු විසින් කපාගෙන ගොස් ඇති බවත්, තියුණු ආයුධයක් භාවිත කර දළය කපා ඇති බවයි වනජීවි නිලධාරීන් සැකපළ කරන්නේ.
මේ අතර මෙම සත්වයාගේ මරණය පිළිබඳව අද (02) දිනයේ දී කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ බවයි ‘දසත නිව්ස්’ වාර්තාකරු සඳහන් කළේ.
අනුරාධපුර කලාප භාර පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති මෙනෙවියගේ මූලිකත්වයෙන් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.
