Update – මෙල්බන් සිට පැමිණි ශ්‍රීලන්කන් යානයේ හදිසි ගොඩබෑම ගැන පරීක්ෂණයක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සිට කටුනායක බලා පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL605 යානයේ භාණ්ඩ ගබඩා කුටියේ දුම් අනතුරු ඇඟවීමේ සංඥාවක් සක්‍රීය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම ශ්‍රීලන්කන් ගුවන් සමගම නිවේදනය කරනවා.

ඊයේ (01) රාත්‍රී 11.20ට කොළඹට ළඟාවීමට නියමිතව තිබූ යානයේ ගොඩබෑමට පෙර එම සංඥාව සක්‍රිය වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසන්නේ.

කෙසේ වෙතත්, යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර, එහි සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය කිසිදු හානියකින් තොරව ඉවත් කරගෙන තිබුණා.

මේ අතර තොරතුරු වාර්තා වුණේ යානයේ ගබඩා කර තිබූ මස් තොගයක් සඳහා යොදා තිබූ නයිට්‍රජන් වියළී අයිස් ( Dry Ice ) වලින් මෙම දුමාරය නික්ම ඇති බවයි.