ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව පාසැල් වෑන් රථ ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කළ ද බස් ගාස්තුවල වෙනසක් සිදුනොවන බවයි බස් සංගම් සඳහන් කළේ.
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
