කබල්ලෑවා අල්ලන්න ගුහාවට රිංගූ තරුණයා ගුහාවේ සිරවී මරුදකී

කොස්ලන්ද, ඌවමාවෙලගම ප්‍රදේශයේ දී ගුහාවක් තුළ සිර වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වනවා.

අදාළ පුද්ගලයා කබල්ලෑවෙක් අල්ලාගැනීමට ගුහාව තුළට රිංගා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී ගුහාවට ඉහළින් තිබූ ගලක් මෙම පුද්ගලයා මතට කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම ගලට සහ පස්වලට සිරවූ මෙම පුද්ගලයා ගුහාව තුළදීම ජීවිතක්ෂයට පත් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.