අගමැතිනිය ඇන්ටිගුවා වෙත ළඟා වෙයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නොවැම්බර් 02 වනදා ඇන්ටිගුවා සහ බාබියුඩා වෙත ළඟා වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය ඇන්ටිගුවාහි වී. සී. බර්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අවස්ථාවේ දී එරට සෞඛ්‍ය, සුවතා, පරිසර සහ රාජ්‍ය සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය මයිකල් ජෝසප් විසින් ඇයව පිළිගනු ලැබුවා.

මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයට ද සහභාගී වීමට නියමිතයි.