බස් ගාස්තු, පාසැල් වෑන් රථ ගාස්තුවල වැඩිවීමක් නැහැ

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව පාසැල් වෑන් රථ ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කළ ද බස් ගාස්තුවල වෙනසක් සිදුනොවන බවයි බස් සංගම් සඳහන් කළේ.

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.