2026 නොවැම්බර් 02 වනදා සිට නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සඳහා මාර්ගගත ක්රමවේදය හරහා වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම නැවත ක්රියාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම සහ තාක්ෂණික ගැටලු සම්බන්ධ කටයුතු සඳහා මාර්ගගතව වේලාවන් වෙන්කරවා ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.
මෙම ක්රමය මඟින් උදෑසන කාලයේ සිටම මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ජනතාව පෝලිම්වල රැඳී සිටීම අවම කිරීමට උපකාරී වනු ඇති.
