මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
අද දින සාක්ෂි සටහන් කරගැනීම සිදුවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 12 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කරනු ලැබුවා.
රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැයකර දෙහිවල හා රත්මලාන ප්රදේශවල පිහිටි ඉඩම් කොටස් 05ක් මිලදීගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
