කතානායකට එරෙහි විශ්වාසභංගයේ විවාදය නොවැම්බර් 03 නොපැවැත්වීමට තීරණයක් (වීඩියෝ)

ලබන නොවැම්බර් 03 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබූ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය එදින නොපැවැත්වීමට තීරණය කළ බව සභානායක බිමල් රත්නායක පවසනවා.

නොවැම්බර් පළමු සතියට නියමිතව ඇති පාර්ලිමේන්තු කටයුතුවල සිදුවූ වෙනස්වීම් පිළිබඳ දැනුම් දෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළා.

අදාළ විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් ස්ථාවර නියෝගවලට අනුව ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් නොවැම්බර් 03 වන දිනට මෙය විවාදයට නොගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සභානායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ස්ථාවර නියෝගවලට අනුව භාරදෙන්නේ නම්, එය අයවැය කාලයට පෙර විවාද කිරීමට හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී දැනුම් දුන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නයි බස්තමත් අරගෙන නුවර ඉදලා කොළඹට පා ගමනේ වඩින භික්ෂුව - දළඳා මාළිගාවෙදි පොලිසිය එක්ක පැටලෙයි
02:28
Video thumbnail
කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගැනීමේ තීරණයක් - බිමල් සියල්ල හෙළිකරයි
03:45
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15