කෑගල්ලේ සිදුවූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා
අද අළුයම 5.10ට පමණ කුඩා වෑන් රථයක් හා ත්රීරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා
නුවර සිට කොළඹ දෙසට ගමන් කර ඇති ත්රීරෝද රථයේ කොළඹ දෙසින් නුවර දෙසට ගමන් කළ වෑන් රථයක් මාර්ගයේ විරුද්ධ දෙසට ගමන් කර ඉදිරියෙන් පැමිණි ත්රිරෝද රථයේ මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.
ත්රීරෝද රථයේ ගමන් කළ මාවනැල්ල දෙවනගල පදිංචි කාන්තාව අනතුරින් මිය ගොස් ඇති අතර ත්රීරෝද රථ රියදුරු වන ඇයගේ ස්වාමියා බරපතල තත්ත්වයේ කෑගල්ල මහ රෝහලේ ප්රතිකාර ලබනවා
වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ කෑගල්ල පොලිස් රථ වාහන අංශය මගින් සිදු කරනවා.
