Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සරසවි ආචාර්යවරුන් හෙට දිනයේදී වැඩ වර්ජනයක

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් හෙට (30) දිනයට අදාළව එක්දින වැඩ වර්ජයනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හෙට (30) දිනයේ එක්දින වැඩ වර්ජයනක් ක්‍රියාත්මක කරන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ හිඟය, අධික රාජකාරී ඇතුළු ගැටලු කිහිපයක්ම පවතින බවයි එම සම්මේලනය පෙන්වා දෙන්නේ.

එම ගැටළු මුල්කර ගෙන හෙට (30) දිනයේ දී මෙම වැඩ වර්ජයනක් ක්‍රියාත්මක කෙරෙන බව එම සම්මේලනය පවසනවා.