උස්බෙකිස්තානයෙන් සතියකට දෙවරක් මත්තලට සංචාරකයින් රැගත් ගුවන් යානයක්

උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ඊයේ (28) දින ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) අතර නියමිත ගුවන් ගමන් ආරම්භ කළා.

මෙරට සංචාරක කේෂ්ත්‍රය ද නව මාවතකට පැමිණෙනු ඇතැයි මේ තුළින් අපේක්ෂා කරනවා.

මෙම ගුවන් සේවය 2026 – 2027 මෙරට සංචාරක ඍතුව සඳහා සතියකට දෙවරක්, එනම් බදාදා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම නව සේවාව සංචාරක කර්මාන්තයට සහාය වනු ඇතැයි ද, රටවල් දෙක අතර සම්බන්ධතාව ශක්තිමත් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.

Aitken Spence PLC සමාගමේ අනුබද්ධ ආයතනයක් වන Royal Spence Aviation, ශ්‍රී ලංකාව තුළ Centrum Air හි ප්‍රධාන විකුණුම් නියෝජිතයා (GSA) සහ ගුවන් තොටුපළ අධීක්ෂණ නියෝජිතයා ලෙස පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53