බිලියන 190ක් විදේශගත කළ ජාවාරමේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති වීරෝධි අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ ජිෆ්රි මොහොමඩ් ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු ලබන 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළා.

නඩුව කැඳවූ අවස්ථාවේ දී 1, 7 සහ 8 සැකකරුවන් බන්ධනාගාර නිළධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධියට අදාල 7වන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බැවින් එම සැකකරු ඇප මත මුදා හැරීම‍ට අධිකරණය මගින් නියෝග නිකුත් වුණා.

ඒ අනුව, එම සැකකරුට රුපියල් ලක්ෂ 25 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ.

එම සැකකරුට සෑම ඉරිදාවකම පෙ.ව. 9.00ත් 12.00ත් අතර කාලය තුළදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස න‍ියෝග කළ අධිකරණය, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළා.

එමෙන්ම, පළමු වන සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ඉදිරි දිනයේ දී සලකා බලන බව ද අධිකරණයෙන් දැනුම් දුන්නා.

මෙම සිද්ධියේ පළමු සහ අටවැනි සැකකරුවන් ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය එදිනට පළමු සහ අටවැනි සැකකරුවන් සදහා ඇප විරෝධතා ගොනු කරන ලෙසත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53