සුපුරුදු පරිදි අදත් කාසියේ වාසිය කුසල් මෙන්ඩිස්ට

තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

මෙම තරගාවලිය පුරාවටම කාසියේ වාසිය හිමිකර ගැනීමට නායක කුසල් මෙන්ඩිස් සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා.

තරගය ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ක්‍රීඩා කරන කණ්ඩායමේද කිසිඳු වෙනසක් සිදු නොකර පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයට ක්‍රීඩා කරනවා.

කෙසේ වෙතත් තරගාවලියේ අවසන් තරගයට මේ වන විටත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තේරී පත්ව අවසන්.

තුන්කොන් තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ සියලු තරග පරාජයට පත් වූ එංගලන්තයට තවදුරටත් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ හැකියාවක් නැහැ.

එමෙන්ම මෙම තරගාවලියේ අවසන් තරගය ලබන 31 වැනිදා ගඩාෆි ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53