කුරුණෑගල මාර්ගයකට මාර ගසක් කඩා වැටී වාහන 7කට හානි

කුරුණෑගල නගරයට ආසන්න මාර්ගයකදී මාර ගසක් කඩාවැටීමෙන් වාහන කිහිපයකට හානි සිදුවී තිබෙනවා.

කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය හා තානායම අතර මාර්ගයේ අද (28) උදෑසන උදෑසන 09.00ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.

එම මාර්ගය අද්දර නවතා තිබූ වාහන 07කට මෙම මාර ගස කඩා වැටීමේ හේතුවෙන් හානි සිදුව තිබෙන බවට වාර්තාවෙනවා.

මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවටත් තොරතුරු ලැබී තිබෙනවා.