සිර දඬුවම් ලද ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහා දේවී උද්යානයේ පැවති සත්යග්රහයේ දී ජනතාව කුපිත කරවන,නොමඟ යවන සුළු සහ ජනතා විශ්වාසය කඩ කරන අසත්ය ප්රකාශ බලංගොඩ කස්සප හිමියන් විසින් මාධ්යයට නිකුත් කර ඇති බවට පැලවත්ත ජාතික ජන බලවේගය පක්ෂ කාර්යාලයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කුරුඳුවත්ත පොලිසිය (26) පවසා සිටියා.
පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයේ සංවිධායක ජගත් බස්නායක, කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
විහාර මහා දේවී උද්යානයට පිහි දෙකක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි පසුගිය 22 වනදා මාධ්යයට නිකුත් කර ඇති ප්රකාශය සම්පූර්ණයෙන් අසත්ය සහ ජනතාව නොමඟ යවන සුළු වැරදි සහගත එකක් බවයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේ.
පිහි රැගෙන පැමිණි පුද්ගලයින් පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයෙන් ඒවා ඇති බවට කස්සප හිමියන් කරන ලද ප්රකාශය අසත්ය බවත් එමඟින් ජනතාව විශ්වාසයක් කඩවන බවත් පැමිණිලි කර ඇති බව දන්වා සිටියා.
අසත්ය ප්රකාශ ජනගත කිරීම පොලිස් ආඥා පනතේ 98 වගන්තිය උල්ලංඝනය කිරීමක් වන බැවින්, ප්රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවද, අදාළ ප්රකාශයේ සංස්කරණකරණය නොකළ දර්ශන පොලිසිය වෙතට ලබාදෙන ලෙසට පුද්ගලික මාධ්ය ආයතනයට නියෝග කරන ලෙස ද ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා අදාළ ප්රකාශය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබා දෙන ලෙසට මාධ්ය ආයතනයට නියෝග කළ අතර විමර්ශන ප්රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළා.
