කිසිම බුද්ධිමතෙකු ආණ්ඩුවට විරුද්දව උද්ඝෝෂණ කරන්නේ නෑ

ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කිරීමට කිසිම බුද්ධිමත් පුද්ගලයෙකු මේ මොහොතේ කල්පනා නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද උද්ඝෝෂණ පවත්වන දේශපාලන පක්ෂවල එහි ශාපයෙන් කිසිදා ගොඩ ඒමට නොහැකි වන බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

‘අපි දකිනවා දැන් උද්ඝෝෂණ වෙනවා. මේ රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කරන්න කල්පනා කරන්නෙ නෑ. බුද්ධිමත් දේශපාලන පක්ෂයක නායකයෙක් කවදාවත් උද්ඝෝෂණයකට උදව් කරන්න යන්නෙ නෑ අනුබල දෙන්නෙ නෑ.

මහා සංඝරත්නය සමහර පක්ෂවල, ඒ පක්ෂ නියෝජනය කරන මහා සංඝරත්නය ගෙනල්ලා පාරවල් වලට බස්සලා මේ කොවිඩ් එකෙන් බේරෙන්න හදන වෙලාවෙදි කොවිඩ් මර්දනය කරලා රට විවෘත කරලා මේ රටේ මිනිස්සුන්ගෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන වෙලාවෙදි මේ අහිංසක මිනිස්සු පාරට බස්සලා විනාශයක් වෙන දේවල්වලට ගිහිල්ලා අත ගහන්න එපා.

ඒ ශාපයෙන් ඒ දේශපාලන පක්ෂවලට කවදාවත් ගොඩ එන්න හම්බෙන්නෙ නෑ කියන එක ඉතාමත්ම ආදරයෙන් මං මේ වෙලාවෙදි මතක් කරනවා’



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16