කොළඹ විහාර මහාදේවී උද්යානයේ පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට මාලිමා ආණ්ඩුව විසින් එල්ල කළ ප්රහාරය තරයේ හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, භික්ෂූන් වහන්සේලාගේ සාමකාමී සත්යග්රහය පිළිබඳ මුල සිටම රජය කටයුතු කළ ස්වභාවය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක පහසුකම් පවා අවහිර කරමින්, පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලාට වර්ෂාවෙන් ආරක්ෂා වීමට තිබූ ආවරණ පවා බලහත්කාරයෙන් ඉවත් කළ ආකාරය අතිශය ම්ලේච්ඡ හැසිරීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රටේ ආගමික සමගිය සහ සාමය බිඳ වැටීමට ඉඩ නොදී, මහජනතාවගේ සහ භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා වහා කටයුතු කළයුතු බවයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස එම නිවේදනය මඟින් අවධාරණය කරනවා.

