සිනමාශාලාවක් තුළින් ගිනි අවි සහ පතොරොම් තොගයක් සොයාගැනේ

කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්‍රදේශයේ පිහිටි සිනමාහලක් තුළ සඟවා තිබිය දී ගිනි අවි සහ පතොරොම් තොගයක් සොයාගෙන තිබෙනවා.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ඊයේ (17) පස්වරුවේ මෙම ගිනි අවි සහ පතොරොම් තොගය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙහිදී සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වයස අවුරුදු 38ක් වන මිල්ලතේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවි 02
රිවෝල්වර් අවි 01
විදෙස් රටක නිෂ්පාදිත රිපීටර් අවි 01
විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 අවි 01
බෝර 12 ජිව පතොරොම් 398
බෝර 16 ජීව පතොරොම් 35
මිලිමීටර් 09 වර්ගයේ ජීව පතොරොම් 278
පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 49
පොයින්ට් 22 අවියට යොදන ජීව පතොරොම් 3083
ජීව අත්බෝම්බ 02ක්, මෙලෙස සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.