දිවයිනේ ප්රදේශ රැසකින් හදිසි විදුලිය විසන්ධි වීම් වාර්තා වී තිබෙනවා.
මෙම විදුලි විසන්ධි වීම ප්රදේශ රැසකට බලපා ඇති නමුත්, එහි සමස්ත බලපෑම පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක්
නැහැ.
අද (17) පෙරවරු 11.45ට පමණ මෙම විදුලි බිඳවැටීම සිදුව තිබෙනවා.
විදුලිය විසන්ධි වීමට හේතුව හෝ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය තවමත් තහවුරු කර නැහැ.










