ධවල මන්දිරයේ මාධ්ය ප්රකාශිකාව ලෙස අලුතින් පත් වූ කේටි සැකරියා එම තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.
කේටි සැකරියා එම තනතුරට පත්ව දින පහකටත් අඩු කාලයක දී මෙලෙස ඉන් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
පසුගිය අඟහරුවාදා පැවති ඇගේ පළමු මාධ්ය හමුව සඳහා සැකරියා දැඩි විවේචනවලට මුහුණ දුන් අතර, එය මිනිත්තු 15 කටත් අඩු කාලයක් පැවති අතර එයට වාර්තාකරුවන්ගෙන් ප්රශ්න තුනක් පමණක් ඇතුළත් වුණා.
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ට්රම්ප් ඊයේ (16) හදිසි ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඇගේ ඉවත්වයෑම පිළිබඳව ඉඟිපළ කර සිටියා.
අමෙරිකානු ධවල මන්දිරයේ මාධ්ය ප්රකාශිකාව ලෙස මීට පෙර කටයුතු කළ කැරොලයින් ලෙවිට් පසුගිය අගෝස්තු මස අවසානයේ දී පවුලේ කටයුතු සහ මාතෘත්වයේ වගකීම් වෙනුවෙන් එම තනතුරෙන් ඉවත් වූ අතර, ඉන් අනතුරව එම තනතුර සඳහා පත් කෙරුනේ කේටි සැකරියායි.










