පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු නේවාසික වැඩසටහනේ දී ශ්‍රී ලංකාවටත් හඬක්

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) සංවිධානය කරන උසස් පාර්ලිමේන්තු සංවර්ධන නේවාසික වැඩසටහන පසුගිය 12 වැනිදා ගර්න්සි දූපතේ ශාන්ත පීටර් පෝට් නගරයේදී අරාම්භ වුණා.

එය හෙට (16) දක්වා පැවැත්වෙනවා.

මෙම වැඩසටහන CPA පාර්ලිමේන්තු ඇකඩමිය විසින්, ගර්න්සි පාර්ලිමේන්තුව වන States of Deliberation හි සහාය ඇතිව සංවිධානය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, කෙන්යාව, නැමීබියාව, මෝල්ටාව, පාකිස්තානය (ඛයිබර් පක්තුන්ක්වා පළාත් සභාව ඇතුළුව), ශාන්ත ලුසියාව, කැනඩාව (නෝවා ස්කෝෂියා), ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ගර්න්සි ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවස්ථාදායකයන් නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ මෙම දින පහක තීව්‍ර වැඩසටහනට සහභාගී වනවා.

නීති සම්පාදන අධීක්ෂණය, කාරක සභා කටයුතු, සන්නිවේදනය සහ 21 වන සියවසේ මන්ත්‍රීවරයාගේ කාර්යභාරය මෙහි ප්‍රධාන අවධානයට ලක්කෙරෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන (සමගි ජන බලවේගය) සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න (ජාතික ජන බලවේගය) සහභාගී වනවා.

අද දින වැඩසටහනේ කොටසක් ලෙස, ගර්න්සි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩු අතුරු මැතිවරණයක් මගින් පිරවිය යුත්තේ කවර අවස්ථාවලදීද යන්න නියම කරන “Reform (Guernsey) (Amendment) Law, 2025” පනත් කෙටුම්පත පිළිබඳ ආදර්ශ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විණි. මෙම යෝජනාව අනුව, අතුරු මැතිවරණයක් අනිවාර්ය වන්නේ ආසන තුනක් හෝ ඊට වැඩි ගණනක් පුරප්පාඩු වූ විට පමණි. පාර්ලිමේන්තු කාලයේ අවසාන භාගයේදී ඒ පිළිබඳ තීරණය මූලාසනාරූඪ නිලධාරියාගේ අභිමතයට භාර කෙරෙනවා.

විපක්ෂය වෙනුවෙන් කතා කළ වෛද්‍ය කවින්ද ජයවර්ධන පෙන්වා දුන්නේ, මෙම පනත මගින් ආසන පුරප්පාඩුව දිගටම පවතින අතර ඡන්දදායකයන්ට නියෝජනය අහිමි වන බවයි.

“මෙම සභාවේ සෑම ආසනයක්ම ජනතා කැමැත්ත නියෝජනය කරනවා, පුරප්පාඩුවක් යනු පරිපාලනමය අපහසුතාවක් නොවේ. එය නියෝජනය අහිමි වීමකි, අධීක්ෂණය අහිමි වීමකි. සමබර සභාවකදී එය ඡන්ද විමසීමක ප්‍රතිඵලය පවා වෙනස් කළ හැකි, අතුරු මැතිවරණයක් පැවැත්වීමට කාල සීමාවක් පනතේ දක්වා නැහැ” යනුවෙන් ඔහු අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පුරප්පාඩුවක් පෙර මහ මැතිවරණයේ ඊළඟට සිටින සුදුසුකම් ලත් අපේක්ෂකයා මගින් පුරවන ආකාරය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කළමන්ත්‍රීවරයා , ඒ හා සමාන “කවුන්ට්බැක්” (countback) ක්‍රමයක් ගර්න්සි සඳහා ඉක්මන්, සාධාරණ සහ අඩු වියදම් විකල්පයක් ලෙස යෝජනා කළා.

“අපි ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැහැ, අප විරුද්ධ වන්නේ නියෝජනය අඩු කරන ප්‍රතිසංස්කරණවලටයි, අන්ත්රිවරයා වැඩිදුරටත් කියා සිටියා.

පක්ෂ භේදයකින් තොර සහයෝගය පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නියෝජිතයන් දෙදෙනාම මෙම අභ්‍යාසයේදී විපක්ෂ ආසනවල සිට එක්ව කටයුතු කිරීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24