කිසිම අයෙකුට මෙරට මහජනයාගේ දේපළ සොරකම්කර ලෝකයේ කොහේ හෝ සැඟවී සිටීමට අවස්ථාව නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එම පුද්ගලයින් කෙසේ හෝ අල්ලාගෙන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.
මේ වනවිටත් ලෝකයේ විවිධ රටවල එලෙස ජීවත් පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීමට තානාපති කාර්යාල හරහා සාකච්ඡා කරමින් පවතින බවයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
ජාතික ජනබලවේගය සංවිධානය කරන ‘අපේ ආණ්ඩුව – වසර දෙකයි රටට සුබයි’ ජනරැලි මාලාවේ නිකවැරටියේ දී අද (11) පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර දැනට කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කරමින් දිවයිනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී පවසා සිටියේ.
ඒ, වෙනුවෙන් නිලධාරීන් 900කට වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමට අවසර ලබා දී ඇති බව ද ජනපතිවරයා මෙහිදී පැවසුවා.
මේ අතර රාජ්‍ය සේවය තුළ සිදුවන වංචා දූෂණ වැනි නීතිවිරෝධී ක්‍රියා සඳහා දැඩි දඬුවම් ලබාදෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.










