යටවත්තේදී පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමක් – කාන්තාවක් ඇතුළු හතරක් අත්අඩංගුවට

මාතලේ, යටවත්ත, ගම්මුල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි යටවත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට අද (10) අලුයම් කාලයේදී පහරදීමක් සිදුව තිබෙනවා.

අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනෙකු මේ වනවිට යටවත්ත රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

පහරදීම සම්බන්ධයෙන් සැකරුවන් සිව්දෙනෙක් යටවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ත් 32ත් අතර වයස්වල පසුවන කාන්තවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙක්.

මොවුන් පොලිස් නිලධාරීන් ගමන්කළ ත්‍රිරෝද රථයට ද හානිකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09