කොළඹ වරාය නගරයේ (පෝට් සිටි) කම්කරු නේවාසිකාගාරය අසල දී ඊයේ (09) රාත්‍රියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය සඳහන් කළා.
මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි අපරාධයට සම්බන්ධ අවුරුදු 26ක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
