ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සඳහා රජය ගෙන යන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව මෙම පත්වීම් ප්රදානය සිදුකෙරෙනවා .
ඒ, අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ලබන 11 වනදා පෙරවරුවේ මරදාන ටවර් පරිශ්‍රයේ දී මෙම පත්වීම් ලිපි ප්රදානය කිරිමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වසරේ රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) ||| වන ශ්‍රේණිය සඳහා අදියර 03 ක් යටතේ 1,989 ක් බඳවා ගැනීමට කටයුතු කළ අතර, එම පත්වීම් ලාභීන්ගෙන් සේවයට වාර්තා නොකළ, පත්වීම් බාර නොගත් සහ සේවය අතහැර ගිය පිරිසක් වන බැවින් එම පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම සිදු කෙරෙනවා.
