Clean Sri Lanka – ‘Clean Colombo’ වැඩසටහනෙහි ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (09) පෙරවරුවේ පැවැත් වුණා.
මෙම වැඩසටහන යටතේ මළාපවහන ජාලය, ජලාපවහන ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම, පරිසර අලංකරණය, කැලිකසළ කළමනාකරණය විධිමත් කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරෙනවා.
මෙහිදී අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය සහ ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන හා සම්බන්ධ වන ප්‍රධාන ආයතන වන අතර, එම ආයතන විසින් සකස් කළ ව්‍යාපෘති වල ප්‍රගතිය විමසීමද මෙහිදී සිදුවුණා.
මීට අමතරව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සමාජීය යහපැවැත්ම, පාරිසරික තිරසාරභාවය සහ ආචාරධාර්මික පුනරුදයක් සදහා පුරවැසියාගේ හැසිරීම් වෙනස් කිරීම වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක විවිධ වැඩසටහන් කොළඹට අදාළ වැඩසටහන් Clean Colombo වැඩසටහන යටතේ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයද මෙහි දී අවධාරණය කෙරුණා.










