වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවසන් කරයි

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් 09 දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී ඇති බැවින්, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් කරන බවට මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් තීරණය කළා.

අද (09) දින හිටපු පොල්සිපති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු හත්දෙනෙක්ට එරෙහි බීආර්6314/25 යන නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවුණු ලැබු අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා එය නිවේදනය කළා.

එහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක, මහේෂ් ප්‍රමුදිත, ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ, රංගජීවන් විදානපතිරණ සහ තාරක නානායක්කාර යන නීතිඥවරු පිරිසක් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා.

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 09 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ ඉකුත් 07 වනදා අධිචෝදනා ගොනු කළා.

නිතිපතිවරයා විසින් මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා ඉදිරියේ එම චෝදනා විත්තිකරුවන්ට එදින (07) කියවා දුන්නා.

එහිදි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ විත්කිකරුවන් නවදෙනා ඇප මත මුදා හරින ලෙසයි.

ඒ, අනුව එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරිර ඇප හතරක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

ශරීර ඇපකරුන් දෙදෙනෙක් විත්තිකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බව ද අධිකරණයෙන් තවත් කොන්දේසියක් නිකුත් වුණා.

එමෙන්ම මුදල් ඇප ගෙවීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස චුදිතයන්ගේ නීතිඥවරු කළ ඉල්ලීම සලකා බැලු අධිකරණය ඒ සඳහා වෙනත් දිනයක් ලබා දුන්නා.

මෙලෙස අධිචෝදනා කියවා දීමෙන් පසු ඇප ලබා දී ඇත්තේ, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) වැඩබලන අධ්‍යක්ෂවරයා වූ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සල්ම් ද සිල්වා, පොලිස් පරීක්ෂක මහේෂ් දුනුසිංහ, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක රොෂාන් මධුරංග, පොලිස් සැරයන් ප්‍රසන්න කුමාර, පොලිස් කොස්තාපල් සුපුන් ප්‍රියශාන් සහ රියැදුරු පොලිස් කොස්තාපල් ගිහාන් පියතිස්ස යන අයවලුන්ටයි.

2023 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 08 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

2025 පෙබරවාරි 28 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කරනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ අදාළ මෙහෙයුමට ගිය පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර මියගොස් තිබුණේ වැලිගම පොලිසියෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23