පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක්, අල්ලස ලෙස ඉල්ලා සිය බැංකු ගිණුමට බැර කරවා ගත්තේ යැයි සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු පුද්ගලික ලේකම් ලබන 23 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (09) නියෝග කළා.
ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි නමැති සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුයේ.
විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් තොරව තෝරාගත් සමාගම් තුනක් සදහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී එම සමාගම් වෙත පොස්පේට් ආනයනට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය දීම ,ආධාර අනුබල ලබා දී ලක්ෂ 81 මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගෙන සැකකරු බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.
තවද බලපත්‍ර ලබා දිපු අය වන භු විද්‍යා හා පතල් කාර්යාංශයේ පුද්ගලයන්ට ද අල්ලස් ලබා දී ඇති බවයි වර්තා වන්නේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද කරන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
මෙම සිද්ධියට අදාලව තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.










