කොළඹ 05 නාරාහෙන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයේ 07 වන මහලේ පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
එම පනත යටතේ පැවරී ඇති බලතල අනුව ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම ප්‍රකාශයට පත්කිරීම සිදුකර ඇති අතර ඒ 2026 සැප්තැම්බර් 17 දින සිට ක්‍රියාත්මක වන පරිදිය.
මේ අනුව ඒ සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් 06 දින අංක 2509/11 යනුවෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.










