පොඩි පැටීගේ ඝාතනයට සම්බන්ධ අයෙක් අත්බෝම්බයක් සමඟ අල්ලයි

අහුන්ගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේ දී පසුගිය පළමු වනදා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” නැමැත්තාගේ සහෝදරයෙකු වන ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නොහොත් “පොඩි පැටී” නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙක් මෙලෙස ඊයේ (07) පස්වරුවේ වැලිකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සම්බන්ධව සිදුකළ විමර්ශනයේ දී සැකකරු පදිංචි නිවසේ වළ දමා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 28 ක් වන වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්