බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මේ අතර සිරකරුවන් සඳහා නියම කරන ලද ජම්පරය ද අද (05) පස්වරුවේ ලබාදුන් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඒ, අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කර අදාළ ඇඳුමින් සිටින බවයි ඔහු පැවසුවේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) දිනයේ නියම කරනු ලැබුවා.










