අනෝජන්ව නිදහස් කර ගැනීමට රාජ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක්

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා රාමඤ්ඤ මහනිකායේ සහ අමරපුර මහානිකායේ මහනාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සංදේශයක් භාර භාරදෙනු ලැබුවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේගේ සහ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමිපාණන් වහන්සේගේ අදාළ සංදේශය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි විසින් පෙරේදා (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ‍ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ වෙත භාර දී තිබෙනවා.

මීට අමතරව ‍හින්දු ප්‍රජාව වෙනුවෙන් හින්දු පූජක සංගමයේ සභාපති සහ සමස්ත ලංකා හින්දු සංස්කෘතික සභාවේ සභාපති ආචාර්ය සිවාශ්‍රී කේ.වී.කේ. වෛතීස්වර කුරුක්කල්තුමා විසින් ද සංදේශයක්ද පිළිගන්වනු ලැබුවා.

පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි, පූජ්‍ය වේපටයිර ධම්මසිරි හිමි, හින්දු පූජක සංගමයේ සාමාජික සිවශ්‍රී කුගතාස කුරුක්කල්තුමා ඇතුළු නීතිඥ තනුජා නවරත්න සහ සමාජ ක්‍රියාකාරී ආර්.ඒ්. අමිල සංජීව යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25