යතුරුපැදිය ලයිට් කණුවක ගැටී දරු දෙදෙනා ජීවිතක්ෂයට – මවට බරපතළ තුවාල

යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ළමුන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් දරුවන් දෙදෙනාගේ මව බරපතළ තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්‍රදේශයේ දී අද (28) උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 17 සහ 11 යන වයස්වල පසු වූ පිරිමි ළමුන් දෙදෙනෙක්.

තුවාල ලැබූ මව ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, මාදම්පේ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදුකරනවා.