ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට සමත්ව තිබෙනවා.
යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ අද (27) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
එහිදී එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදා ගත් බවට සැකකරෙන යාත්‍රාවක් ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
උතුරු නාවික විධානයට අයත් අංශ සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් මෙම මෙහෙයුම අද සිදුකර ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළා.













