වකුගඩු රෝහලේ පිපිරීම ගැන බලන්න ඇමති නලින්දත් යයි

පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ හදිසි පුපුරා යෑම සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (26) පස්වරුවේ පොළොන්නරුව වකුගඩු රෝහලට පැමිණියා.

අද (26) අලුයම 04.30ට පමණ පොළොන්නරුව වකුගඩු රෝහලෙහි මුල්තැන්ගෙහි සිදුවූ හදිසි පිපිරීමත් සමග රෝහලට දැඩි අලාභ‍ා හානි සිදුවී ඇති අතර එම අනතුරෙන් රෝහලේ එක් සෞඛ්‍ය සේවකයෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 36 ක් වූ එක්දරු පියෙකු වන අතර ඔහු ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල තුළ නිරීක්ෂණය සිදුකොට සියලු කටයුතු යථා පරිදි නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් විශේෂයෙන්ම රෝහල සඳහා දිනපතා පැමිණෙන වකුගඩු අකාර්මණ්‍ය වූ රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන අතර අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ පවුලට අමාත්‍යවරයා ශෝකය ප්‍රකාශ කර සිටියා.

අනතුරට ලක් වී තුවාල ලබා සිටින රෝගීන් බැලිමට අමාත්‍යවරයා පොලොන්නරුව මහ රෝහල වෙත ද පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25
Video thumbnail
සජිත්ගේ චෝදනාවට දුමින්ද දුන් පිළිතුර - මං හිතන්නේ නෑ විපක්ෂ නායක චෝදනා කළා කියලා
02:38
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53