හෝර්මුස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට හැකි වන පරිදි එක්සත් ජනපදයට ගිවිසුමක් යෝජනා කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවනවා .
නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමින් අරග්චි පැවසුවේ “අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම්” මෙය සිදු කළ හැකි බවයි.
එම කොන්දේසි පසුගිය ජූනි මාසයේ දී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට ද ඇතුළත් බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.
තීරණය මේ වනවිට ඇමරිකාව සතුව බවත්, මෙම සැලැස්ම කටාර් රාජ්‍යය හරහා ඇමරිකාව වෙත යොමු කළ බවයි ඔහු සඳහන් කළේ.
ඉරානයේ මෙම යෝජනාව පිළිබඳව ඇමරිකානු පාර්ශ්වය පවසන්නේ න්‍යෂ්ටික ගැටළු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මැදිහත්කරුවන් හරහා ධනාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.













