දිනෙන් දින වැඩිවන ජනගහනය, නාගරික ව්‍යාප්තිය සහ කර්මාන්තවල සිදුවන ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු බස්නාහිර පළාතේ ජල අවශ්‍යතාව ඉහළ යමින් පවතින අතර, මේ හේතුවෙන් දැනට පිරිපහදු කෙරෙන ජල ධාරිතාවය එම අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගත වී ඇති බව රජය පවසනවා.
මෙම දිගුකාලීන ගැටලුවට විසඳුමක් ලෙස ඝණ මීටර් 140,000ක පිරිපහදු ධාරිතාවකින් යුතු කළුගඟ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සැලසුම් කර තිබුණද, විවිධ හේතුන් මත එහි වැඩ ආරම්භ කිරීමට නොහැකි වී තිබුණා.
කෙසේ වෙතත්, වත්මන් රජය විසින් එම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කරමින් පවතින අතර, මූලික ප්‍රසම්පාදන කටයුතුද ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය 2030 වසරේදී නිම කිරීමට අපේක්ෂා කාරණා බවයි රජයේ ප්රවෘත්තී දෙපාර්තමේන්තුව පවසනවා.
කළුගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන තෙක් ජනතාවට ඇතිවන ජල සැපයුම් අභියෝග අවම කිරීම සඳහා ජාතික ජලසම්පාදන මණ්ඩලය විසින් කඩිනම් විශේෂ මෙහෙයුමක්ද දියත් කර ඇත. ඒ යටතේ දැනට ක්‍රියාත්මක පිරිපහදු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම මගින් පිරිපහදු ජල ධාරිතාවය ඝණ මීටර් 67,000කින් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
එසේම, බස්නාහිර පළාත තුළ ඇති රාජ්‍ය ආයතන, හමුදා කඳවුරු පාසල් සහ බන්ධනාගාර ආදී ආයතනවල ජල පරිභෝජනය වඩාත් විධිමත් කිරීම මගින් ජල නාස්තිය අවම කිරීමටද සැලසුම් කර තිබෙනවා.
ඒ හරහා දිනකට ඝණ මීටර් 3,000ක් පමණ ජලය ඉතිරි කරගැනීමට අපේක්ෂා කෙරෙනවා.
ජලය පිරිපහදු කිරීම පමණක් නොව, එය ජනතාව වෙත බෙදාහැරීමේ ක්රියාවලියද වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ජලනල පද්ධතිවල වැඩිදියුණු කිරීම් සහ අලුතින් ජලනල එලීමේ කටයුතුද මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා.
මෙම කඩිනම් වැඩපිළිවෙළ මගින් 2027 දෙසැම්බර් වනවිට පිරිපහදු ජල ධාරිතාවය ඝණ මීටර් 70,000කින් වැඩි කරගැනීමට සැලසුම් කර තිබෙනවා.
තවද ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ඝණ මීටර් 50,000ක ධාරිතාවකින් යුතු නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් අඹතලේ දී ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා.
එහි ඉදිකිරීම් ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතයි.
මෙම විශේෂ මෙහෙයුම පිළිබඳව කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.













