බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එම්. කේ. බී. දිසානායක අද (25) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ”දැහැමි නිවහනයි – අපේකම රැකගමු” යන තේමාව යටතේ පොතක් මුද්‍රණය කිරීමේ දී රජයට රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් පාඩු කිරීමේ චෝදනාව මතයි.
නිසි ක්‍රමවේදය අනුගමනය නොකරමින්, සිය හිතවත් පුද්ගලයෙක්ට අදාළ පොත් තොගය මුද්‍රණයට ලබාදීම හරහා මෙම පාඩුව රජයට සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.













