ශ්‍රී ලංකාවට වාසනාවන්ත ලීඩ්ස් හිදී එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට එක්දින ජයක්

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (24) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාවන්ත ක්‍රීඩාංගණයක්වන ලීඩ්ස් හිදී පැවති මෙම තරගය එංගලන්තය පරාජය කරමින් ජයගත්තේ ලකුණු 16 කින්.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් දෙවරක් නොසිතා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී 321ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 121ක් පන්දු 100ක් තුළ රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කළ අතර, පවන් රත්නයට ලකුණු 48කට දැවී ගියා.

අනතුරුව ලකුණු 322ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය ඉතා සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු පන්දුවාර 10 තුළ ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කළා.

එහි දී ටොම් බැන්ටන් ලකුණු 73ක් සහ බෙන් ඩකට් ලකුණු 63ක් රැස්කරමින් එංගලන්තයට සිය දායකත්වය ලබා දුන්නා.

ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව එංගලන්තය ජයග්‍රහණය සඳහා රැගෙන යාමට උත්සාහ කළ ජොස් බට්ලර් ලකුණු 69ක් රැස්කළ අතර, විල් ජැක්ස් ලකුණු 52ක් රැස් කළා.

කෙසේ වෙතත් එංගලන්ත පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් නියමිත පන්දුවාර 50 තුළ එංගලන්ත ඉනිම කඩුලු 09ක් දැවී ලකුණු 305කට සීමා කළා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 10 තුළ ලකුණු 49කට කඩුලු 03ක් බිඳ දැමුවා.

ඊට අමතරව එෂාන් මාලිංග සහ දිල්ශාන් මදුසංඛ එංගලන්ත ඉනිමේ කඩුලු 02 බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 16 කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව ජයගැනීමට සමත් වුණා.

මේ අතර එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ එක්දින තරග පහෙන් තරග හතරක්ම ජයගෙන තිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33