දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරූණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇපෑල අද (24) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත්තා.
එහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වීම සිදුකළා.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම පසුවට කල් තැබුවා.













