CTB බසයක් සහ පුද්ගලික බසයක් එකිනෙක ගැටී දරුණු අනතුරක්

බුත්තල මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 06 දෙනෙක් මේ වන විට රෝහල් ගත කර ඇති බව බුත්තල පොලිසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.