ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සම්බන්ධයෙන් නව නීති කිහිපයක් හඳුන්වාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් එරටට ගෙන්වා ගැනීම තහනම් කර ඈති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙතෙක් එරට පැවති නීතිමය තත්ත්වය මත විදෙස් සිසුන්ගේ සහකරුවන්ට ඕස්ට්‍රේලියාවේ රැකියාවල නිරතවීමට සහ වයස අවුරුදු 18ට අඩු දරුවන් එරටට කැඳවාගෙන ඒමට අවස්ථාව සලසා දී තිබුණා.
එමෙන්ම, තාවකාලික වීසා කාණ්ඩය යටතේ සිටින විදේශිකයන්ට වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම සීමා වන පරිදි නව නීති කිහිපයක්ද හඳුන්වා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
2028 වසර වන විට එරට වෙසෙන විදේශීය සංක්‍රමණිකයන් ගණන 225,000 දක්වා අඩු කිරීමේ එරට රජය ඉලක්කය මත මෙම නීති හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.













